සේවකයන්ගේ EPFවලට පොල්ල තියපු ආයතන 22,450 කට නඩු.!

සේවක අර්ථසාධක අරමුදලට (EPF) ගෙවීමට හෝ දායක වීමට අපොහොසත් වූ රජයේ, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන 22,450 කට අධික සංඛ්‍යාවකට එරෙහිව පියවර ගන්නා බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසීය.

කම්කරු දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජනරාල්වරයා පත්කිරීම සඳහා අද සංවිධානය කරන ලද උත්සවයකදී ජනමාධ්‍ය අමතමින් ඔහු ප්‍රකාශ කළේ, සේවක අර්ථසාධක අරමුදලට (EPF) නොගෙවූ අරමුදල් ලෙස රුපියල් බිලියන 36 කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගෙන ඇති බවයි.

“මේ සතියේ ඩිජිටල් අමාත්‍යාංශය සමඟ සහයෝගයෙන් වැඩසටහනක් දියත් කිරීමට නියමිතයි. මෙම වැඩසටහන හරහා, නීතිවිරෝධී සහ වංචනික ක්‍රියාකාරකම් වළක්වමින් කම්කරු දෙපාර්තමේන්තුවේ සමස්ත පද්ධතියම ඩිජිටල්කරණය කිරීම අපගේ අරමුණයි” නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසීය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *