යෝෂිතලාගේ නයිට් ක්ලබ් පහරදීමේ සැකකරුවෝ හොයන්න පොලිස් කණ්ඩායම් දෙකක්.!

යූනියන් පෙදෙස පාක් වීදියේ රාත්‍රී සමාජ ශාලාවක ඇතිවූ ගැටුමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කණ්ඩායම් දෙකක් යොදවා ඇති බව වාර්තා වේ.

ගැටුම හටගෙන ඇත්තේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත්‍රයෙකු වන යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ, නයිට් ක්ලබ් පරිශ්‍රය තුළට ඇතුළුවීමේදී හඳුනාගැනීමේ අත්පළඳනාව පැළඳීම රාජපක්ෂ යුවල ප්‍රතික්ෂේප කළ බව කියන සිදුවීමත් සමග බව සඳහන්ය.

එහිදී ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යෑමත් සමග සිදුකළ පහරදීමකින් එහි ආරක්ෂක නිලධාරියකු තුවාල ලබා ඇත.

පොලිසිය සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් කිහිපදෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගත් බවයි.

සැකකරුවන්, දෙහිවල, අත්තිඩිය සහ තිඹිරිගස්යාය ප්‍රදේශවල පදිංචිකරුවන් බව හඳුනාගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ, ඔවුන් මේ වන විට එම ප්‍රදේශවලින් පළාගොස් ඇති බවයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *