ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක පුහුණු ගුවන් යානයක් වාරියපොළ, මිනුවන්ගැටේ ප්‍රදේශයට කඩා වැටී සිදුවූ අනතුරට හේතුව පුහුණු වීම් අතරතුර සිදුවූ අත්වැරදීමක් ලෙස ඒ පිළිබඳ වාර්තාවේ සඳහන් වන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
ඔහු මේ බව අනාවරණ කළේ ඊයේ (23) අධිවේගී මාර්ග නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අවස්ථාවේදීය.
වාර්තාකරුවන්ට අදහස් දක්වමින් අමාත්‍ය රත්නායක මහතා පැවසුවේ, අනතුර පිළිබඳව විමර්ශනය කරන විශේෂයෙන් පත්කරන ලද තාක්ෂණික කමිටුව විසින් ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරමින් සිටින බවයි.
වාර්තාවට අනුව, ගුවන් යානා සහ එන්ජින් පැරණි නොවන බවත් හොඳින් නඩත්තු කර ඇති බවත් ඔහු තවදුරටත් පැහැදිලි කළේය.
ප්‍රතිචාරයක් ලබාදෙන්න