කැනඩාව මහ මැතිවරණයක් කැඳවයි.!

කැනඩාවේ හදිසි පාර්ලිමේන්තු මැතිවරණයක් කැදවීමට එරට අග්‍රාමාත්‍ය මාර්ක් කානි පියවර ගෙන තිබේ.

අග්‍රාමාත්‍ය ධූරයට පත්වී සති 02කටත් අඩු කාලයක් තුළ මෙලෙස පාර්ලිමේන්තුව විසුරවා මහ මැතිවරණයක් කැඳවීමට කැනේඩියානු අග්‍රාමාත්‍ය මාර්ක් කානි පියවර ගෙන ඇත.

ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණය අප්‍රේල් මස 28 වනදා පැවැත්වෙන බව අග්‍රාමාත්‍යවරයා නිවේදනය කර ඇත.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අහිතකර බදු ප්‍රතිපත්ති මඟින් එල්ල වන බලපෑම්වලට මුහුණ දීම සඳහා ශක්තිමත් පාර්ලිමේන්තුවක් ගොඩනැගීම මෙලෙස හදිසි මැතිවරණයක් කැඳවීමේ අරමුණ බව කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *