ඉන්ස්ටග්‍රෑම් සාදයක් වටලයි.. 57ක් අත්අඩංගුවට.!

පමුණුගම, උස්වැටකෙයියාව ප්‍රදේශයේ හෝටලයක් තුල නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කරමින් ඉන්ස්ටගෑම් සාදයක් පවත්වන බවට පමුණුගම පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත එම ස්ථානය වැටලීමක් සිදුකර ඇත.

ඊයේ (23) රාත්‍රියේ පවත්වා ඇති මෙම සාදයට සහභාගි වූ තරුණයන් හා තරුණයින් අයිස් මත්ද්‍රව්‍ය හා ගංජා පානය කරමින් සිටි බව පොලීසිය පවසයි.

එහිදී අයිස් මත්ද්‍රව්‍ය සහ කේරළ ගංජා සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් 16 ක් අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම එහි රැඳී සිටි සැකකාරියන් 07 දෙනෙකු සහ සැකකරුවන් 34 දෙනෙකුද සැකපිට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

තවද මෙම සාදය පැවැත්වූ හෝටලයේ හිමිකරු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 03 යි මිලිග්‍රෑම් 200ක් සමග අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හා සැකකාරියන් අවුරුදු 18 ත් 35 අතර වයස්වල පසුවන කොළඹ තදාසන්න ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *