ශ්‍රී දළදා ප්‍රදර්ශනය ගැන පැතිරෙන ව්‍යාජ නිවේදනයක් ගැන දැනුම්දීමක්.!

එළඹෙන අප්‍රේල් 18 සිට 27 දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති විශේෂ ශ්‍රී දළදා ප්‍රදර්ශනය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ව්‍යාජ දැන්වීමක් පිළිබඳව දැනුම්දීමක් සිදුකර තිබේ.

ශ්‍රී දළදා ප්‍රදර්ශනය වෙනුවෙන් කැමති අයෙකුට ආධාර ලබාදිය හැකි බවත් මුදල් ආධාර ලබාදෙන පිරිසට බැංකු ගිණුමක තොරතුරු සඳහන් කරමින් එයට මුදල් බැරකරන ලෙසත් අදාළ ව්‍යාජ නිවේදනයේ දැක්වේ.

මෙම දැන්වීම සම්පූර්ණයෙන් ව්‍යාජ එකක් බවත් ‘සිරි දළදා වන්දනාව’ වෙනුවෙන් අවශ්‍ය සියලු පහසුකම් ශ්‍රී දළදා මාලිගාව හා රජය විසින් සපයනු ලබන බවයි දළදා මාලිගාව සඳහන් කරන්නේ.

එසේම ශ්‍රී දළදා මාලිගාව විසින් කිසිදු පුද්ගලයෙකුට, සමූහයකට, සංවිධානයකට හෝ වෙනත් කවර ආකාරයකට හෝ අරමුදල් රැස් කිරීමට හෝ වෙනත් කිසිදු සංවිධාන කටයුත්තක් පවරා නොමැති බව ශ්‍රී දළදා මාලිගාව වැඩිදුරටත් සඳහන් කරයි.

අදාළ ව්‍යාජ නිවේදනය පහතින්.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *