රජයේ කටයුතු බිම් මට්ටමට ගෙන යාමට පුංචි ඡන්දයේදී මාලිමාව ජයග්‍රහණය කරවිය යුතුයි.!

රජයේ කටයුතු බිම් මට්ටමට ගෙන යාම සඳහා මෙවර පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරවිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

ඒ අනුව රජය ආරම්භ කළ දේශපාලන සංස්කෘතියේ වෙනස බිම් මට්ටම දක්වා ගෙන යා යුතු බව ඊයේ (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේය.

කොන්ත්‍රාත් ගන්නා මහජන නියෝජිතයෙක් වෙනුවට, සැබෑ මහජන නියෝජිතයෙක් නිර්මාණය කරගත යුතු බවද, ඒ සඳහා මාලිමාව ජයග්‍රහණය කරවිය යුතු බවද ඔහු සඳහන් කළේය.

ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී ජනතාව ලබාදුන් ජයග්‍රහණය පළාත් පාලන මැතිවරණයේදී ද ලබාදෙනු ඇති බවට විශ්වාස කරන බවත්, මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයෙන් හොඳ කණ්ඩායමක් ඉදිරිපත් කර ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *