විපක්ෂයේ කාදර් මස්තාන් අයවැයට පක්ෂ වෙයි.!

පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 114කින් ඊයේ(21) සම්මත වූ 2025 විසර්ජන පනත් කෙටුම්පතේ තුන්වන වර කියවීමේදී ඊට පක්ෂව ඡන්දය දුන් එකම විපක්ෂ මන්ත්‍රීවරයා බවට විපක්ෂ මන්ත්‍රී කේ. කාදර් මස්තාන් සටහන් වී තිබිණි.

ඊයේ සවස පැවති අවසන් ඡන්ද විමසීමේදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 159ක් සහ විපක්ෂව ඡන්ද 45ක් ලැබිණි.

වන්නි දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රීවරයකු වන කාදර් මස්තාන්, කම්කරු පක්ෂය නියෝජනය කරමින් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් විය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *