රුසියාව සමග දින 30ක සටන් විරාමයකට යුක්‍රේනය එකඟ වෙයි.!

සටන් විරාමයක් සඳහා යුක්‍රේනය එකඟතාවය පළ කර ඇති බව වාර්තා වේ.

යුක්‍රේන සහ අමෙරිකානු නියෝජිතයින් සෞදි හී දී ඊයේ (11) පැවති සාකච්ඡාවක දී මෙම එකඟතාවය පළකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව දින 30ක කාලයක සටන්විරාමයක් සඳහා යුක්‍රේනය එකඟතාව පළ කර ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් සටන් විරාමය පිළිබඳව රුසියාවේ අදහස මෙතෙක් පළ කර නොමැත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *