වෛද්‍යවරියව දූෂණය කළ සැකකරු අල්ලයි.!

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් ලෙස පුහුණු වන වෛද්‍යවරියක සිය නිල නිවාසය තුළදී දූෂණය කළ බවට සැක පුද්ගලයා මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් මේ පිළිබඳව මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුව දැනුම්වත් කරන ලදී.

අත්අඩංගුවට ගත් සැකකරු ප්‍රශ්න කිරීමෙන් අනතුරුවා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට  නියමිතව  තිබේ.

වෛද්‍යවරියගෙන් සොරා ගත් ජංගම දුරකථනය ඔස්සේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පුද්ගලයා මත්ද්‍රව්‍ය සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිට නිදහස් වී පැමිණි ඇත්තේ සිද්ධියට පෙර දිනයි.

නිලංක මධුරංග රත්නායක (බංටි) නම් මොහු ඩී 03, ඇලපාර. ගල්නෑව ලිපිනයේ පදිංචි කරුවෙක් වන අතර හමුදාවෙන් පලා ගිය අයෙක්ද වෙයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *