දේශබන්දු, අධිකරණයෙන් තහනම් නියෝගයක් ලබා ගැනීමේ සූදානමක.!

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අධිකරණ ක්‍රියාමාර්ගයක් හරහා තහනම් නියෝගයක් ගැනීමේ උත්සාහයක යෙදෙමින් ඇති බවට තොරතුරු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා සඳහන් කරයි.

ඒ අනුව දැනට ඔහු අත්අඩංගුවට ගැනීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් කර ඇති නියෝගය අත්හිටුවීමට බලාපොරොත්තු වන බවද හෙතෙම පැවසීය.

දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර දැනට දින දහයක් ගතවේ.

මෙම අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කර ඇත්තේ මත්ද්‍රව්‍ය වැටලීමක් අතරතුර පොලිස් නිලධාරියෙකු වෙඩි වැදී මිය යාමේ සිදුවීමකට අදාළවය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *