රනිල්ට වැඩ වරදී.. බටලන්ද වාර්තාව පාර්ලිමේන්තුවට.!

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (10) පැවැත්වීමට නියමිත කැබිනට් මණ්ඩල රැස්වීමේදී ආන්දෝලනාත්මක බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස සදහන් කරයි.

ආන්දෝලනාත්මක බටලන්ද අපරාධවලට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධ බවට කවුරුත් දන්නා සත්‍යයක් බවත් එම චෝදනාව කිසිවකුට ප්‍රතික්ෂේප කළ නොහැකි බවද කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස සදහන් කරයි.

හිටපු ජනාධිපති සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පසුගිය (06) වැනිදා අල් – ජසීරා නාලිකාවේ මාධ්‍යවේදී මෙහ්දි හසන් සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවේදී බටලන්ද කොමිෂන් සභා වාර්තාව මත පදනම්ව ඔහුට විරුද්ධව චෝදනා රැසක් එල්ල විය.

කෙසේ වෙතත් මානව හිමිකම් උල්ලංඝනය කිරීම්, වධ හිංසා, නීති විරෝධී ඝාතන වලට දේශපාලනඥයන් මැදිහත් වූ ආකාරය පැහැදිලි කෙරෙන ආන්දෝලනාත්මක ලේඛනයක් වන බටලන්ද කොමිෂන් සභා වාර්තාව දැන් යළිත් කරළියට පැමිණ ඇත.

Spread the news

Comments

One response to “රනිල්ට වැඩ වරදී.. බටලන්ද වාර්තාව පාර්ලිමේන්තුවට.!”

  1. Nishantha Fernando Avatar
    Nishantha Fernando

    Anivaryenma. Pata paksa bedayakin torava soya bala veradi karuvan nitiya idiriyata genevit daduvam labadiya utui.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *