පුංචි ඡන්දය කල්දාන්න විපක්ෂය නඩුවක් දාන්න සූදානම් වෙයි.!

පළාත් පාලන මැතිවරණය සඳහා නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමට දී තිබූ කාලය හමාරවීමට පෙර නාමයෝජනා කැඳවා තිබීමට එරෙහිව නඩු පැවරීමට විපක්ෂය තීන්දු කර ඇතැයි ‘දේශය’ වාර්තා කරයි.

මැතිවරණ කොමිසම මුලින් ප්‍රකාශ කර තිබුණේ පළාත් පාලන ඡන්දය සඳහා නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය මෙම මාර්තු මස 28 දා දක්වා කළ හැකි බවයි.

එසේ තිබියදී පළාත් පාලන ඡන්දයේ නාමයෝජනා භාරගැනීම මාර්තු මස 20 වැනිදා හමාර කිරීමෙන් මාර්තු 28 දක්වා නව දේශපාලන පක්ෂ ලියාපදිංචියට පුරවැසියන්ට ලබා දී තිබූ අවස්ථාව අහිමි කිරීම අසාධාරණ බව කියමින් මෙම නඩුව පැවරීමටත් ඊට අදාළව අතුරු තහනම් නියෝගයක් ලබාගැනීමටත් විපක්ෂයේ හිටපු ඇමැති රාජිත සේනාරත්න ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨයන් ගණනාවක් දැනටමත් සාකච්ඡා කර ඇතැයි වාර්තා වෙයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *