ක්‍රිකට් ක්‍රීඩක අශේන් බණ්ඩාර අත්අඩංගුවට.!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක අශේන් බණ්ඩාර පිළියන්දල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පිළියන්දල, කොළමුන්න ප්‍රදේශයේදී අයෙකුගේ නිවසකට ඇතුළු වී සිදුකළ පහරදීමක් හේතුවෙන් ක්‍රීඩක අශේන් බණ්ඩාර අත්අඩංගුවට ගෙන ඇත.

අශේන් බණ්ඩාරගේ නිවසට යාබද පදිංචි අයෙකු සමග මාර්ගය අවහිර වන පරිදි මෝටර් රථය නවතා තැබීම හේතුවෙන් ඇතිවූ කථාබහක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇත.

කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් අශේන් බණ්ඩාර පොලිස් ඇප මත මුදා හැර ඇත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *