රට පුරා පිහිටි රජයට අයත් ඉඩම් ව්‍යාජ ඔප්පු සකස් කර විකිණීම පිළිබඳව හිටපු මැතිඇමතිවරුන් ගණනාවකට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
කිරිබත්ගොඩ ප්‍රාදේශීය සභාවට අයත් ඉඩමකට හොර ඔප්පු සකස් කර විකිණීම සම්බන්ධයෙන් මේ වෙන විට හිටපු ඇමති මර්වින් සිල්වා ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ලබන 17 වැනිදා දක්වා රීමාන්ඩ් භාරයේ රඳවා තබා ඇත.
2010 වසරේදී කළ මෙම නීති විරෝධී ක්‍රියාවට සම්බන්ධ යැයි චෝදනා ලැබූ හිටපු ඇමතිවරයෙකු වන ප්‍රසන්න රණවීර, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු, ව්‍යාපාරිකයෙකු සහ නීතීඥයෙකු ද අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කෙරෙමින් පවතී.
රජයට අයත් ඉඩම් විශාල ප්‍රමාණයක් මෙලෙස ව්‍යාජ ඔප්පු සකස් කර විකුණා ඇති බවට හිටපු මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුට චෝදනා එල්ලවීමත් සමග එම වංචා වලට සම්බන්ධ නීතිඥයන්, ව්‍යාපාරිකයන් ඇතුළු විවිධ පාර්ශ්ව පිළිබඳව ද තොරතුරු අනාවරණය වෙමින් පවතී.
ප්‍රතිචාරයක් ලබාදෙන්න