මුල් මාස 2 දී සංචාරකයන්ගේ පැමිණීම ලක්ෂ 5 පනී.!

2025 වසරේ පළමු මාස 2ක තුළදී මෙරටට පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 5 ඉක්මවා තිබේ.

ශ්‍රී ලංකා සංචාරක කාර්යාංශය අපේක්ෂා කරන්නේ 2025 වසර තුළ මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින් මිලියන 3 ඉලක්කය සාක්ෂාත් කරගැනීම සඳහාය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය සවිමත් කරන ප්‍රධානතම ආදායම් මාර්ගයක් වන සංචාරක කර්මාන්තය තුළ මේ වනවිට කැපීපෙනෙන වර්ධනයක් පෙන්නුම් කරයි.

2024 වසරේදී බලාපොරොත්තු වූ පරිදි මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් මිලියන දෙකේ ඉලක්කය සපුරා ගැනීමට හැකියාව ලැබුණි.

එම ක්ෂේත්‍රයේ තවදුරටත් සුබවාදී අපේක්ෂා දල්වමින් ලක්ෂ 5 ඉක්මවූ විදෙස් සංචාරකයින් පිරිසක් 2025 වසරේ පළමු මාස 2ක තුළදී මෙරටට පැමිණීම විශේෂත්වයකි.

සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ 2025 ජනවාරි පළමු වනදා සිට මාර්තු 5 වනදා දක්වා විදෙස් සංචාරකයින් 530,746 දෙනෙකු මෙරටට පැමිණ ඇති බවය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *