ලෝක වනජීවී දිනය අදයි.!

ලෝක වනජීවී දිනය අදට (03) යෙදී තිබේ.

එක්සත් ජාතීන්ගේ 68 වන මහා සමුළුවේදී මාර්තු 03 වනදා ලෝක වනජීවි දිනය ලෙස ප‍්‍රකාශයට පත් කළේය.

මිනිසාගේ පැවැත්ම උදෙසා වනජීවීන්ගෙන් සිදුවන පාරිසරිකමය, ජානමය, සමාජීයමය, අධ්‍යාපනිකම වටිනාකම් අගැයීමට ලක් කරමින් මෙම දිනය ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන් වේ.

ලෝකයේ වඳවීමේ තර්ජනයට මුහුණ පා සිටින වනජීවි ප‍්‍රජාවගේ වාසස්ථාන සංරක්ෂණය කර ඔවුන්ගේ පැවැත්ම තහවුරු කිරීමත්, වනජීවී සම්පත මිනිසාගේ පැවැත්ම උදෙසා ලබා දෙන්නා වූ දායකත්වය පිළිබඳවත් ලෝක ජනතාව දැනුවත් කිරීම මෙම දිනයෙන් බලාපොරොත්තු වේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *