උත්සව සමයේ හිඟයකින් තොරව ජනතාවට භාණ්ඩ සැපයීමට පහසුකම්.!

උත්සව සමයේ ජනතාවට හිඟයකින් තොරව අතවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා ඇතැයි වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

ඒ අනුව ව්‍යාපාරික ප්‍රජාව සමග සාකච්ඡා කර අඩු මිලට භාණ්ඩ ලබාදීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේය.

වෙළඳපොලේ පැවති මිලට වඩා 20% කින් පමණ භාණ්ඩවල මිල අඩු කර ඇති බවත්, අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *