3%ක වට්ටමෙන් රුපියල් බිලියන 35ක් අනීතිකව ඉන්ධන බෙදුම්කරුවෝ අතර බෙදීගිහින්.!

ආණ්ඩුව විසින් ඉන්ධන සම්බන්ධයෙන් ගෙන ඇති කිසිදු තීරණයක් නැවත හකුලා ගන්නේ නොමැති බවත් ඉන්ධන බෙදුම්කරුවන්ට තෙල් සංස්ථාව සමග සාකච්ඡා කර සුදුසු තීරණයක් ගැනීමට හැකි බවත් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

මෙම ගැටලුව ආරම්භ වන්නේ ඉන්ධන බෙදුම්කරුවන් දැනට ලබා ගන්නා සියයට තුනක වට්ටම් මුදල අහෝසි කර ඒ වෙනුවට වෙනත් සමීකරණයක් ඉදිරිපත් කිරීමට පෙරේදා (28) පියවර ගැනීමෙන් අනතුරුවයි.

මෙලෙස ඉන්ධන බෙදුම්කරුවන් විසින් ලබා ගන්නා සියයට තුනක වට්ටම් මුදල අයුතු ලාභයක් බවත් එය නීති විරෝධී අයකර ගැනීමක් බවත් ජාතික විගණන කාර්යාලය විසින් පෙන්වා දුන් අතර එය අධිකරණය මගින්ද තහවුරු කර තිබෙනවා.

මේ හේතුවෙන් රටේ ජනතාවගේ සෞඛ්‍ය අධ්‍යාපනය වැනි කටයුතු සඳහා වෙන් කෙරෙන බදු මුදල් වලින් රුපියල් බිලියන 35ට අධික ප්‍රමාණයක් බෙදුම්කරුවන් 1000කටත් වඩා අඩු සංඛ්‍යාවක් අතරේ වාර්ෂිකව බෙදී ගොස් තිබුණා.

ඒ අනුව එක් බෙදුම්කරුවෙකු වෙත වාර්ශිකව හිමිවන අයුතු ලාභය මිලියන 35කට වැඩි මුදලකි.

මෙම වට්ටම් මුදල අහෝසි කිරීම සඳහා රජය තීරණය කිරීමත් සමග බෙදුම්කරුවන් විසින් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ගොනු කළත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නැවතත් එය ප්‍රතික්ෂේප කරනු ලැබීය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *