ලංකාවේ වාහන ආනයනකරුවන්ගේ තරඟකාරී ලන්සු නිසා ජපානයේ වාහන මිල නගී.!

ශ්‍රී ලාංකීය වාහන ආනයනකරුවන් විසින් මේ දිනවල සිදුකරනු ලබන තරඟකාරී වැඩි ලන්සු තැබීම් හේතුවෙන් ජපානයේ වෙන්දේසි වල වාහන මිල ගණන් ඉතා වේගයෙන් ඉහළමින් ඇති බව වාර්තා වෙයි.

ඇතැම් ජනප්‍රිය වාහන වර්ග කිහිපයක්ම මේ වන විට වෙන්දේසි වල සොයා ගැනීමට පවා නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන බවද වාර්තා වෙයි.

මෙම තත්වය හමුවේ පසුගිය මාසයේ රුපියල් ලක්ෂ 98ක් පමණ මුදලක් වූ වාහනයක් අද වන විට ලක්ෂ 125 ඉක්මවා යමින් ඇති බව වාර්තා වෙයි.

මෙම තත්වය මෙරටට ආනයනය කරනා වාහන වල මිල ගණන් අනවශ්‍ය ලෙස ඉහළ යවාගැනීමක් බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *