වෙඩි තැබීමකින් දැරියක් මරුට.!

හෙට්ටිපොල පොලිස් වසමේ මඟුලාගම ප්‍රදේශයේදී ඊයේ (27) රාත්‍රි කාලයේදී වෙඩිවැදී රෝහල්ගත කළ දැරියක් මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ කාන්තාවක් සහ දැරියක් වෙඩි වැදීමකින් තුවාල ලබා කුලියාපිටිය රෝහලට ඇතුලත් කිරීමේදී මෙලෙස දැරිය මියගොස් ඇති බවය.

හෙට්ටිපොල පොලීසියට ලද තොරතුරක් අනුව සිද්ධිය ගැන විමර්ශන ක්‍රියාත්මකය.

මියගිය දැරිය වයස අවුරුදු 09 ක් වූ මඟුලාගම, හෙට්ටිපොල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මියගිය දැරිය සිය මිත්තණිය සමඟ නිවසේ රැඳී සිටියදී, අසල පිරිසක් ඌරන් දඩයම් කිරීමට කෑකෝ ගසන ශබ්ද ඇසී එය බැලීමට නිවසින් පිටතට පැමිණි අවස්ථාවේදී වෙඩි වැදී ඇති බවට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

සිද්ධියෙන් තුවාල ලැබූ මිත්තණිය කුලියාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි.

දැරියගේ මෘතශරීරය කුලියාපිටිය රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙකු හෙට්ටිපොල පොලීසිය විසින් මේ වනවිට අත්තඩංගුවට ගෙන ඇත.

මඟුලාගම ප්‍රදේශයේදී ඌරන් දඩයම් කිරීමට තබන ලද අපරික්ෂාකාරී වෙඩි තැබීමකින් මෙම දැරිය මරණයට පත්ව ඇති බවයි පොලීසිය පවසන්නේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *