යුද හමුදාවෙන් 5000ක් පැනලා.. වැඩි පිරිසක් පාතාලයේ කුලී ඝාතකයන් වෙලා.!

නීත්‍යනුකූල නොවන ආකාරයට යුද හමුදාවෙන් පලාගිය සෙබළුන් පන්දහසකට අධික ප්‍රමාණයක් සිටින බව පොලිසිය සිදුකළ විමර්ශනයකින් අනාවරණය වී ඇත.

ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති පාතාල අපරාධ, මිනිස් ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම්වලට මේ ආකාරයට හමුදාවෙන් පලාගොස් සිටින සෙබළුන් විශාල පිරිසක් සම්බන්ධ වී සිටින බව ද මේ වනවිට හෙළිදරව් වී තිබේ.

පාතාල ලෝකයේ සන්නද්ධ කණ්ඩායම් තම කුලී ඝාතකයන් ලෙස මෙම හමුදාවෙන් පලාගිය සෙබළුන් යොදාගන්නා බව ද පොලිසිය පවසයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *