ඇණවුම් කළ තොග මේ වන විට ලැබී ඇති බැවින් පසුගිය කාලයේ ඇති වූ ඉන්සියුලින් හිඟයට විසඳුම් ලැබී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කර තිබේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ ජනමාධ්‍ය වෙත පවසා ඇත්තේ, ඉන්සියුලින් හිඟයක් පැවති නමුත් පසුව අවශ්‍ය ඖෂධ දේශීයව මිලදී ගැනීමට රෝහල්වලට අවසර ලබාදුන් බවයි.
මාතර ඇතුළු රජයේ රෝහල් කිහිපයකම රෝගීන්ට ඉන්සියුලින් එන්නත් ලබාදීමට නොහැකි වී ඇති බවට ඉකුත් දා වාර්තා පළවිය.
කෙසේවෙතත්, දිගුකාලීන දියවැඩියා රෝගීන් සඳහා තීරණාත්මක ඖෂධයක් වන Mixtard insulin හි හිඟය පැවතුණේ කෙටිකාලීනවයි.
පසුගිය සතිවල සීමිත තොග තිබුණත් දැන් තත්ත්වය ස්ථාවර බවත්, අදාළ රෝහල්වලට ඉන්සියුලින් බෙදාහරින බවත් වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ගරුසිංහ විජේසූරිය තහවුරු කර ඇත.
ප්‍රතිචාරයක් ලබාදෙන්න