‘ගණේමුල්ල සංජීව’ ඝාතනය කළ වෙඩික්කරුගේ පෙම්වතිය අල්ලයි.!

ගණේමුල්ල සංජීව ඝාතනය කිරීම සඳහා පැමිණි වෙඩික්කරුගේ පෙම්වතිය යැයි කියන කාන්තාවක් මහරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඇය අත්අඩංගුවට ගැනීමෙන් පසු වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයට (CCD) භාර දී ඇත.

‘ගනේමුල්ල සංජීව’ ඝාතනය කිරීමෙන් පසු වෙඩික්කරු තම පෙම්වතිය සමඟ රටින් පළායෑමට සැලසුම් කර ඇති බව පරීක්ෂණවලින් හෙළි වී තිබේ.

පළායෑමේ සැලැස්මේ කොටසක් ලෙස ඇයව මීගමුවට රැගෙන යෑමට පුද්ගලයකු මහරගම ප්‍රදේශයට පැමිණ ඇති බව වාර්තා වේ.

පොලිසිය මෙම පුද්ගලයා ද අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා CCD භාරයට ගෙන ඇත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *