සජිත් බහක් දෙනකල් රනිල් බලාගෙන ඉන්නවලු.!

සාකච්ඡා අඛණ්ඩව ඉදිරියට ගෙනයෑම සඳහා සමගි ජන බලවේගයෙන් නිල ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් එක්සත් ජාතික පක්ෂය බලා සිටින බව වාර්තා වේ.

ඒකාබද්ධවීමට උත්සාහ කළ එම පක්ෂ දෙක අතර නායකත්වය සම්බන්ධයෙන් මතුව ඇතැයි කියන ගැටලු හේතුවෙන් දෙපාර්ශවය අතර සාකච්ඡා මේ වනවිට ඇනහිට තිබේ.

කෙසේවෙතත් Daily Morning වෙත අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ මහලේකම් තලතා අතුකෝරල පවසා ඇත්තේ, එම පක්ෂය සාකච්ඡාවලින් ඉවත් වී නොමැති බවයි.

එහෙත් සමගි ජනබලවේගය තුළ පවතින ඇතැම් අභ්‍යන්තර ගැටලු සාකච්ඡාවලට විරාමයක් තැබීමට හේතු වී ඇති බව ඇය පවසයි.

ඇය එම අදහස් පළකර තිබුණේ එක්සත් ජාතික පක්ෂය සමඟ සාකච්ඡා කිරීමට සමගි ජන බලවේගයේ නායකත්වය පත්කළ කමිටුවේ සාමාජිකයකු මෙන්ම එම පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක, තම පක්ෂය තුළ පවතින බව කියන අභ්‍යන්තර ආරවුල් හේතුවෙන් එම කමිටුවෙන් ඉවත්වීමට තීරණය කළ බව නිවේදනය කිරීමෙන් අනතුරුවය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *