ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් අද (18) දිනයේ සිට පාන්පිටි මිල කිලෝවක මිල රුපියල් 10කින් අඩු කිරීමට තීරණය කර ඇත.
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සමාගමේ සන්නාම සහ සමාගම් සන්නිවේදන අධ්‍යක්ෂ කාලිංග විජේසේකර මේ සම්බන්ධයෙන් මෙසේ පැවසීය.
“ආයතන දෙකම දැන් කිලෝග්‍රෑමයකට රුපියල් 10ක අමතර අඩු කිරීමක් සදහා පියවර ගෙන තිබෙනවා. මෙමඟින් සමස්ත මිල අඩු කිරීම කිලෝග්‍රෑමයකට රුපියල් 20 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මිල අඩු කිරීම පිළිබඳ අප වෙළඳ අමාත්‍යවරයාට දැනුම් දී ඇති අතර බේකරි සංගමය මෙම මිල අඩු කිරීමේ ප්‍රතිලාභය පාන් සහ අනෙකුත් බේකරි භාණ්ඩවල අඩු කළ මිල ගණන් හරහා සාමාන්‍ය පාරිභෝගිකයින්ට ලබා දෙනු ඇතැයි අප අවංකවම විශ්වාස කරනවා.”
ප්‍රතිචාරයක් ලබාදෙන්න