සෙබළුන්ගේ පාස්පෝට් රෙජිමේන්තුව බාරයට

මේජර් තනතුරට පහළින් සිටින සියලුම ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරීන්ට තම විදේශ ගමන් බලපත්‍ර අදාළ රෙජිමේන්තු වෙත භාරදෙන ලෙස උපදෙස් දී ඇත.

මෙම තීරණය පරිපාලනමය අරමුණු නිසා ගත් බවත්, විදේශ පුහුණුව සහ නිල කටයුතු සඳහා විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමේ ප්‍රමාදයන් විසඳීම මෙහි ඉලක්කය බවත් හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් වරුණ ගමගේ පවසයි.

බොහෝ හමුදා නිලධාරීන් නිවසින් බැහැරව සිටින බැවින්, නිල කටයුතු සඳහා විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමේදී ප්‍රමාදයන් සිදුවිය හැකි බව ඔහු පවසයි.

පෞද්ගලික භාවිතය සඳහා ඕනෑම වේලාවක රෙජිමේන්තුවලින් විදේශ ගමන් බලපත්‍ර ලබාගත හැකි බව බ්‍රිගේඩියර් වරුණ ගමගේ පැවැසීය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *