පොලීසිය විසින් සිදුකරන අපරාධ සහ මත්ද්‍රව්‍ය මෙහෙයුම්වලට අදාළ ව සැකකරුවන් 30,000කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
අද (15) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසුවේ පසුගිය ජනවාරි මස 12 වැනිදා සිට මෙම මෙහෙයුම් ආරම්භ කළ බවය.
මෙරට සියලු පොලිස් ස්ථාන ආවරණය වන පරිදි අදාළ මෙහෙයුම් ආරම්භ කළ බවද ඔහු පැවසීය.
ඒ අනුව අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් 920 දෙනෙකුද විවෘත වරෙන්තුකරුවන් 14,000ක් සහ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගයින් 16,000ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී සඳහන් කළේය.
එමෙන්ම බීමත් රියදුරන් 11,757 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබේ.
මෙම වැටලීම්වලදී ගිනිඅවි 197ක් පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන් කළ මාධ්‍ය ප්‍රකාශකවරයා ඒවා අතර ස්වංක්‍රීය ගිනි අවි මෙන්ම දේශීය නිෂ්පාදිත ගිනිඅවි ද පවතින බවද සඳහන් කළේය.
එමෙන්ම මත්ද්‍රව්‍ය වැටලීම්වලදී හෙරොයින් කිලෝ 14ක්, හෂීස් කිලෝ 20ක් අයිස් කිලෝ 33ක් සහ ගංජා කිලෝ 1,123ක් ද පොලීසිය සිය භාරයට ගෙන ඇති බවද සඳහන් කළේය.
මේ අතර මෙම වසරේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධීන්වලට අදාළව පුද්ගලයින් 30 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද ඔහු පැවසුවේය.
මෙම වසර තුළ වෙඩි තැබීමේ සිද්ධීන් 13ක් වාර්තා වූ අතර ඉන් 07ක් සංවිධානාත්මක අපරාධ වෙඩි තැබීම් බවද ඔහු සඳහන් කළේය.
ප්‍රතිචාරයක් ලබාදෙන්න