නව නියෝජ්‍ය පොලිස්පතිවරු 35 ක්.!

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරේ කටයුතු කළ නිලධාරීන් 31 දෙනෙකු සහ නිලධාරිනියන් 4 දෙනෙකු නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කොට තිබේ.

මෙම පත්වීම් 2025 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි සිදුකර ඇති අතර, තවත් නිලධාරීන් තිදෙනෙක් පිළිබඳ පවතින විමර්ශන හේතුවෙන් ඔවුන් පොරොත්තු ලේඛනයේ තැබීමට කටයුතු කර ඇති බව පොලිස්පතිවරයා නිකුත් කළ ලිපියේ සඳහන් වේ.

නියෝජ්‍ය පොලිස්පති තනතුර පත් වූ නිලධාරීන් මෙසේයි.

ජී.එන්. ද සොයිසා – සුබසාධ දිසාව , ආර්.එච්.එස්. මාසිංහ – මහනුවර හා මාතලේ දිසාව , ජ්‍යෙ.පො.අ. ඩබ්. ඒ.ඩබ්.සී. ප්‍රේමසිරි – මාතර හා හම්බන්තොට දිසාව , කේ.ඩී.ජී.එල්.ඒ. ධර්මසේන – මීගමුව කොට්ඨාසය , එස්.ජී.ජේ.ආර්. ගුණසේකර – නීති කොට්ඨාසය , ඩබ්.පී.ජේ. සේනාධීර – බස්නාහිර පළාත (රථ වාහන) දිසාව , එස්.ඩී. විජේසේකර – වව්නියාව හා මන්නාරම දිසාව , ජේ.ඒ.කේ. ජයසිංහ – නීති දිසාව , ඕ. හේවාවිතාරණ – මත්ද්‍රව්‍ය දිසාව , ඒ. අයි. හපුගොඩ – රථ වාහන හා මාර්ග ආරක්‍ෂක දිසාව , ඩී. එම්. එම්. ඒ. බී. මහගිරිල්ල – රත්නපුරය දිසාව , එම්.ආර්.එම්. සෙනරත් – ප්‍රවාහන හා සංදේශ දිසාව , ඩබ්. ජේ. එන්. සේනාරත්න – ජාතික පොලිස් අභ්‍යාස ආයතනය , යු.කේ. මාරඹගේ – රාජ්‍ය බුද්ධි සේවාව , ටී. ජී. එන්.ඩබ්.ඩී. තල්දුව – මොණරාගල දිසාව , ඊ. එම්.ජී.ජේ. සේරම් – ගාල්ල දිසාව , එල්.ඒ.යු. සරත් කුමාර – කුරුණෑගල දිසාව , ජේ.ඒ. චන්ද්‍රසේන – කිලි නොච්චිය හා මුලතිව් දිසාව , ඩී.ජී.එස්. ද සිල්වා – විශේෂ කාර්ය බලකාය , ඩබ්.කේ.ජේ.ආර්. ඩයස් – මාණ්ඩලික නි.පො.ප. (පොලිස් මුලස්ථානය) , ඩබ්. වී. ගිනිගේ – නිකවැරටිය කොට්ඨාසය , එම්. යු. එම්. දිසානායක – ත්‍රිකුණාමලය දිසාව , ඒ.එස්.පී.සී. වෙදමුල්ල – අම්පාර දිසාව , ඩබ්. එස්. පී. ද සිල්වා – නුවරඑළිය දිසාව , එම්.ඩී.පී. දයාරත්න – මුල්‍ය අපරාධ විමර්ශන දිසාව , ඩබ්. ඒ.ජේ. විශාන්ත – අගමැති ආරක්ෂක දිසාව , එච්. සී. ඒ. පුෂ්ප කුමාර – බඳවා ගැනීම් හා පුහුණු දිසාව , බී. ටී. සුගතපාල – අනුරාධපුර හා පොලොන්නරුව දිසාව , පී. අම්පාවිල – 266/18,කිඩ්විලා, හෙට්ටිකන්ද පාර, පරකන්දෙනිය, ඉඹුල්ගොඩ. (ගනේමුල්ල පොලිස් වසම ) , ඒ.ජි.ඩී. වීරසේකර – විශේෂ ආරක්ෂක දිසාව , කේ.ඒ.ජේ. කොඩිතුවක්කු – සමීප රූප ආවේක්ෂණ කොට්ඨාසය.

මීට අමතරව කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරු සිව් දෙනෙක් පත් කොට තිබේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *