ඇල්ල මාරක බස් අනතුරෙන් තංගල්ල නගර සභාවේ ලේකම් ඇතුළු නගර සභාවේ සේවකයින් 12ක් මියයයි.!

ඇල්ල වැල්ලවාය මාර්ගයේ 24 කිලෝමීටර් කණුව අසලදී ඊයේ (04) රාත්‍රියේ සිදුවූ බස් රථ අනතුරින් තංගල්ල නගර සභාවේ ලේකම් ටී.ඩබ්ලිව්.කේ. රූපසේන මහතා ඇතුළු එම නගර සභාවේ සේවකයින් 12 දෙනෙකු මිය ගොස් තිබේ.

බදුල්ල ශික්ෂණ රෝහල සඳහන් කළේ මිය ගිය සෙසු පිරිස අතර කුඩා දරුවන් දෙදෙනෙකු සහ බස් රථයේ රියදුරුද සිටින බවය.

තංගල්ල නගර සභාවේ සේවකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් විනෝද චාරිකාවක් සඳහා පැමිණි බස් රථයක් මෙලෙස අනතුරට ලක්වී තිබුණි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *