පද්මෙලා, බැකෝ සමන්ලා සියල්ල වමාරති.. අත හිත දුන් දේශපාලඥයන් ගැනත් කියති..

ඉන්දුනසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන එන කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල කල්ලි සාමාජිකයන් හරහා බොහෝ තොරතුරු හෙලිවෙමින් ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කරයි.

පසුගිය කාලයන්හි දේශපාලන ආධාරයෙන් සිදුව ඇති පාතාල කටයුතු ගැනද මෙම පිරිස් විසින් යම් යම් අනාවරණයන් සිදුකරමින් ඇති බවත් ඒ මහතා පවසයි.

දේශපාලනඥයන් විසින් තම කටයුතු සඳහා පාතාලය උපයෝගී කරගෙන ඇති ආකාරය ඒ හරහා හෙළි වෙමින් ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් මේවා තොරතුරු වන නිසා ඉදිරියේදී ගැඹුරු හා විධිමත් පරීක්ෂණ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ඇති බවද ඒ මහතා තවදුරටත් පැවසීය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *