මහින්ද රාජපක්ෂගේ විජේරාම නිවස CIDයට.!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනට පදිංචිව සිටින කොළඹ විජේරාම පාරේ නිල නිවෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (C.I.D) ලබා දීමට රජයේ අවධානය යොමුව ඇතැයි වාර්තාවේ.

ඉකුත් දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ නව පනත් කෙටුම්පත ඉදිරියේ දී සම්මත කර ගැනීමෙන් පසුව මෙම නිවස නව පහසුකම්වලින් යුතු රාජකාරී ස්ථානයක් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පිරිනැමීමට රජය සැලසුම් කර ඇතැයි වාර්තා වෙයි.

එම පනත් කෙටුම්පත සම්මත කෙරුණු පසු හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප හැර නිල නිවාස ඇතුළු අනෙකුත් සියලු පහසුකම් අහෝසි වී යයි.

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ නව පනත් කෙටුම්පත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ද කතානායකවරයාට අද හෙටම බාර දීමට නියමිතය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *