දේශබන්දුගේ ප්‍රකාශය ගැන ප්‍රශ්න කරන්න ගෝඨා CID කැඳවයි.!

අරගලයට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගැනීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීමට කැමැති දිනයක් දැනුම් දෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු ජනාධිපතිවරයාට දැනුම් දීමක් කර තිබේ.

අරගලයට ප්‍රහාර එල්ල කරනු ලැබුවේ ගෝඨාභය රාජපක්ෂ විසින් දුන් නියෝගයක් මත බවට හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් කරන ලදැයි කියන ප්‍රකාශයක් අනුව මෙම ප්‍රශ්න කිරීම සිදුකිරීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

අරගල භූමියේ සිටි අරගලකරුවන්ට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් මීට පෙර හිටපු පොලිස්පතිවරයා අත්අඩංගුවට ගත් අතර රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු ඇප මත මුදාහැර තිබිණි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *