හිටපු ජනපති ලේකම් සමන් ඒකනායක අද යළිත් CID යට කැඳවයි.!

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක අද (01) යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ.

ඒ අනුව ඔහුට අද පෙරවරු 9ට අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එංගලන්තයේ සිදුකළ සංචාරයට අදාළව සිදුකරන විමර්ශනය සඳහා ප්‍රකාශයක් ලබාගැනීමට මෙම කැඳවීම සිදුකර තිබේ.

සිද්ධියට අදාළව මීට පෙර ද සමන් ඒකනායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *