හර්ෂව කොළඹින් කපලා.. සජිත් දිස්ත්‍රික් සංවිධායකකම අරන්.!

සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක ධුරය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වාට ලබාදීමෙන් වැළකී සජබ නායක සජිත් ප්‍රේමදාස යටතේ තබාගැනීමට සජිත් ප්‍රේමදාස කටයුතු කර ඇත.

ඊයේ පස්වරුවේ පැවැති සමගි ජන බලවේග ආසන සංවිධායකයන්ට පත්වීම් ලිපි ලබාදීමේ වැඩසටහනකින් අනතුරුව ජනමාධ්‍යවේදීහු මේ සම්බන්ධයෙන් හර්ෂ ද සිල්වාගෙන් විමසීමේ දී ඔහු පක්ෂ නායකයා සම්බන්ධයෙන් කලකිරීමකින් කතාකරන ආකාරය දැකගත හැකිවිය.

පක්ෂය තුළ තමාගේ ජ්‍යෙෂ්ඨත්වය නොසලකා පක්ෂ නායකවරයා කටයුතු කර ඇති බවයි ඔහු එහිදී පැවසුවේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *