මෙම වර්ෂය සඳහා වන රජයේ අයවැය එළඹෙන සඳුදා (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ධූරයට පත්වීමෙන් අනතුරුව ඉදිරිපත් කරන පළමු අයවැය මෙය වන අතර, ඒ අනුව ලබන සඳුදා උදෑසන 10.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.
මේ අතර 2025 අයවැය ලේඛනය සකස් කිරීමේ අවසන් අදියර සඳහා වන
පූර්ව සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබුණි.
ඊයේ (13) පස්වරුවේ මෙම සාකච්ජාව පැවති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
ප්‍රතිචාරයක් ලබාදෙන්න