මධ්‍ය තැපැල් හුවමාරුවට පොලිස් ආරක්ෂාව.!

තැපැල් වෘත්තීය සමිති ආරම්භ කළ වැඩ වර්ජනය අද (22) 5 වැනි දිනටත් ක්‍රියාත්මක කෙරේ.

එවන් පසුබිමක් තුළ මධ්‍ය තැපැල් හුවමාරුවට පොලිස් ආරක්ෂාව ලබාදී ඇත.

මේ අතර වර්ජකයන් පවසන්නේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කරන කොන්දේසිවලට යටත්ව වර්ජනය අවසන් කිරීම පිළිබඳ සාකච්ඡා සඳහා සහභාගි වීම ප්‍රතික්ෂේප කරන බවය.

කෙසේ වෙතත් ඇඟිලි සලකුණු අනිවාර්ය කිරීම සහ අතිකාල පිළිබඳ තීන්දුව කිසිසේත් හකුලා ගැනීමට රජය කටයුතු නොකරන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී යළි අවධාරණය කළේය.

ඉල්ලීම් 19ක් මුල් කරගනිමින් පසුගිය 17 වන දින මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ වූ තැපැල් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද තවදුරටත් ක්‍රියාත්මකය.

වර්ජනය හේතුවෙන් පසුගිය දින කිහිපය පුරාම තැපෑල මගින් සේවා ලබා ගැනීමට පැමිණි ජනතාව දැඩි අසීරුතාවට පත්වුණි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *