අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එළැඹෙන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණය අද (21) පස්වරුවේ නියම කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහෙස්ත්රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය විසින් මෙම නියෝගය නිකුත් කළාය.
දේශබන්දු තෙන්නකෝන් මහතා හෝකන්දර පිහිටි ඔහුගේ නිවසේදී ඊයේ (20) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.
2022 වසරේ මැයි 09 වනදා ගාලු මුවදොර අරගල භූමියට පහරදීමේ සිදුවීම වළක්වා ගැනීමට නිසි නියෝග නිකුත් නොකිරීමට අදාළව අත්අඩංගුවට පත්විය.
මෙහිදී තමන් අත්අඩංගුවට ගැනීම වළක්වා අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඒ මහතා කොටුව මහේස්ත්රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයැදුමක් ද ගොනුකර තිබුණි.
කෙසේ වෙතත් අදාළ අපේක්ෂිත ඇප අයැදුම ඊයේ පෙරවරුවේ කොටුව මහේස්ත්රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය විසින් ප්රතික්ෂේප කරනු ලැබීය.



ප්රතිචාරයක් ලබාදෙන්න