ආරක්ෂක නියෝජ්‍ය ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව ගැන කථානායකගේ තීරණය අද.!

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ කථානායකවරයාගේ මතය අද (19) ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.

පාර්ලිමේන්තුව කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 09.30ට රැස්වීමට නියමිතය.

එහිදී කථානායකවරයා විසින් විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳව සිය මතය ඉදිරිපත් කරනු ඇති බව වාර්තා වේ.

අදාළ විශ්වාසභංග යෝජනාව නීත්‍යානුකූලව ඉදිරිත් කර නොමැති බවට මේ වන විට විවිධ පාර්ශව කරුණු දක්වමින් සිටී.

ඒ අනුව අදාළ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමට නොහැකි බවට කථානායකවරයා විසින් ප්‍රකාශයක් සිදුකරනු ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *