ඔක්කක්ම්පිටිය OICට ඇප නෑ.!

වැලි ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් 40,000ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඔක්කොම්පිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

ඒ අනුව අදාළ සැකකරු ලබන 25 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී නියෝග කළේ.

මෙම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවා දායකයාගේ දියණිය මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින බවත් එය විශේෂ කරුණක් සේ සලකා සැකකරු ඇප මත මුදා හරින ලෙසයි.

මෙම සැකකරු සම්බන්ධ විමර්ශන තවදුරටත් සිදු කරන බැවින් එම ඇප ඉල්ලීමට විරුද්ධ වන බවයි අල්ලස් කොමිසමේ නිලධාරීන් සඳහන් කළේ..

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඔහු ලබන 25වන දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළා.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *