ට්‍රම්ප් – පුටින් සාකච්ඡා ස්ථිර එකඟතාවයකින් තොරව අවසන්.!

රුසියාව සහ යුක්‍රේනය අතර සටන්විරාමයක් ඇතිකරගැනීම අරමුණ කරගනිමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අතර පැවැත් වූ තීරණාත්මක සාකච්ඡාව ස්ථිර එකඟතාවයකින් තොරව අවසන්ව තිබේ.

ඇලස්කාවේ වඩාත්ම ජනාකීර්ණ නගරය වන ඇන්කරේජ් හි එල්මෙක්ඩෝෆ්-රිචඩ්සන් හමුදා කඳවුරේ දී පැවති මෙම සාකච්ඡා මෙරට වේලාවෙන් අද (16) අලුයම අවසන් විය.

ලෝක බලවතුන් දෙදෙනා පැය 3කට ආසන්න කාලයක් මෙහිදී සාකච්ඡා කරනු ලැබීය.

කෙසේ නමුත් සාකච්ඡාවෙන් අනතුරුව ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් නොකළ අතර, කිසිදු ගිවිසුමක් හෝ සටන් විරාමයක් ප්‍රකාශ නොකර පිටව ගියහ.

මෙම තීරණාත්මක සාකච්ඡාවෙන් පසු ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වෙන බව ධවල මන්දිරය මීට පෙර පවසා තිබුණද, දෙදෙනාම කිසිදු ප්‍රශ්නයකට පිළිතුරු නොදී පිටව ගොස් ඇත.

එහිදී “ගිවිසුමක් ඇති වන තුරු ගිවිසුමක් නැහැ” යනුවෙන් ට්‍රම්ප් පැවසූ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

එමෙන්ම පුටින් පවසා ඇත්තේ යුක්‍රේනයට එරෙහි යුද්ධය අවසන් කිරීමට තමා “අවංකවම උනන්දු” බවය.

ඒ හැරෙන්න ජනාධිපතිවරු දෙදෙනාම මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්නවලට පිළිතුරු ලබා නොදුන්නේය.

කෙසේ නමුත් එම සාකච්ඡාවට සහභාගීවීමට යුක්‍රේන ජනාධිපති වොලොදමීර් සෙලෙන්ස්කි හට ආරාධනා නොලැබීම ද විශේෂත්වයක්.

ඒ හේතුවෙන් සාකච්ඡාවට පෙර සිටම යුක්‍රේන ජනාධිපතිවරයා පවසා තිබුණේ, තමන්ගේ සහභාගීත්වයෙන් තොරව පැවැත්වෙන මෙම සාකච්ඡාවේ ගන්නා තීරණ ඵලරහිත බවයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *