කොටස් වෙළෙඳපොළ තවත් ඓතිහාසික කඩඉමක් පසුකරයි.!

අද (15) දින තවත් ඓතිහාසික කඩඉමක් පසුකරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 20,000 ඉක්මවා යාමට සමත්විය.

ඒ අනුව අද දිනය තුළ ඒකක 289.69 කින් සියලු කොටස් මිල දර්ශකය ඉහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේදී එය ඒකක 20,218.36 ක් ලෙසින් සටහන් විය.

තවද අද දිනයේ රුපියල් බිලියන 9.54ක දැවැන්ත ගනුදෙනු පිරිවැටුමක් වාර්තා විය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *