මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා රහස් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සඳහා වෙන්කර ඇති මුදලකින් රුපියල් ලක්ෂ 30ක් සිය පුද්ගලික බැංකු ගිණුමක තබාගෙන සිටි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ කොස්තාපල්වරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයෙන් ලද තොරතුරකට අනුවයි විමර්ශන පවත්වා මෙම නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත්තේ.
වයස අවුරුදු 35ක් වන මෙම නිලධාරියා විසින් වැටලීමක් සඳහා මෙම මුදල් රැගෙන ගොස් මේ ආකාරයට සිය පුද්ගලික බැංකු ගිණුමක තැන්පත්කරගෙන සාවද්‍ය පරිහරණයක් සිදුකර ඇති බැවින් අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.



ප්‍රතිචාරයක් ලබාදෙන්න