මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමතිට එරෙහි විශ්වාසභංගයට දිලිත් ජයවීර විරුද්ධ වෙයි.!

මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකරට එරෙහිව විපක්ෂය විසින් ගෙන ඒමට නියමිත විශ්වාසභංගය පිළිබඳව, සර්වජන බලය පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා විසින් අදහස් දක්වන ලදි.

එහිදි ඔහු විසින් ප්‍රකාශ කර සිටියේ තමන් සහ පක්ෂය මෙම විශ්වාසභංගයට විරුද්ධ බවයි.

එයට හේතු පැහැදිලිකරමින් එතුමා ප්‍රකාශ කළේ, මේ විශ්වාසභංගයෙන් ඉලක්ක කර තිබෙන්නේ වර්තමාන නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා නොව, ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු නැගෙනහිර ආඥාපතිවරයා බවයි.

එමෙන්ම පාස්කු ප්‍රහාරයට මහමොලකරුවෙකු නැතැයි විශ්වාස කරන තමන් සහ පක්ෂය, පාස්කු ප්‍රහාරය ශ්‍රී ලංකා ආරක්ෂක අංශ මත පැටවීමේ කුමන්ත්‍රණයේම කොටසක් වන මේ විශ්වාසභංගයට විරුද්ධ බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *