2006 වසරේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් ලන්ඩන් නුවර සංවිධානය කළ ආයෝජන ප්‍රවර්ධන ප්‍රදර්ශනයකට සහභාගි වී හෝටල් ගාස්තු සහ ප්‍රදර්ශන වියදම් ලෙස රුපියල් ලක්ෂ 15 කට අධික මුදලක් භාණ්ඩාගාර රෙගුලාසිවලට පටහැනිව ගෙවන ලෙස ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා පෙළඹවීම තුළින් අල්ලස් පනතේ “දූෂණය” නැමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගමට විරුද්ධව අල්ලස් කොමිසම විසින් නඩුවක් ගොනු කර ඇත.
ඒ අනුව අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගමට එරෙහිව ගොනුකර තිබෙන නඩුව ඔහු නොමැතිව විභාගයට ගැනීම සඳහා දින නියම කිරීමටත්, එම නඩුව එළඹෙන ඔක්තෝබර් මස (30) වනදා කැඳවන ලෙසද කොළඹ මහාධිකරණය නියම කළේය.
හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මේ වනවිට විදේශගතව සිටින බවට තොරතුරු හෙළි වී තිබෙන නිසා ඔහු නොමැතිව නඩුව විභාගයට ගැනීමට අවසර දෙන ලෙස අල්ලස් කොමිසම කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මෙම නියෝගය නිකුත් කර ඇත.



ප්‍රතිචාරයක් ලබාදෙන්න