අමෙරිකාවේ වෙඩි තැබීමකින් 06දෙනෙකු මරුට

අමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 06දෙනෙකු මියගොස් තිබේ.

මියගිය පිරිස අතර වෙඩි තැබීම සිදු කළ වෙඩික්කරුද වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ප්‍රදේශයේ නිවාස දෙකක සිටි පිරිසක් ඉලක්ක කර ගනිමින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර එහිදී තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබේ.

වෙඩි තැබීම සිදු කර පළාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මිචිගන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබූ අතර පසුව වෙඩි වැදී මිය ගිය ඔහුගේ මළ සිරුර සොයාගෙන තිබුණි.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *