මහින්ද නිල නිවසින් පිටවෙන දවස නාමල් කියයි.!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනට පදිංචිව සිටින නිල නිවසින් ඉවත්වීමට සූදානම් බව ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

දැනට, මහින්ද රාජපක්ෂ මහතා එම නිල නිවසේ රැඳී සිටින්නේ බලහත්කාරයෙන් නොව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ලැබී ඇති අයිතියක් වශයෙනි.

නමුත්, පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කර ඇති නව පනත් කෙටුම්පත සම්මත වී නීතියක් බවට පත් වූ පසු, එයට අනුකූලව මහින්ද රාජපක්ෂ මහතා එම නිල නිවසින් ඉවත්වීමට සූදානම් බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

විධායක ජනාධිපතිවරයෙකුට ඇතැම් බරපතළ තීන්දු ගැනීමට සිදුවන අවස්ථාවලදී, ධූරයෙන් ඉවත් වූ පසු විවිධ අවදානම්වලට මුහුණ දීමට සිදුවිය හැකි බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

එම නිසා, ඔවුන් වෙනුවෙන් යම් ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතු බව ඔහු පැවසීය. මෙය වත්මන් ජනාධිපතිවරයාට මෙන්ම හිටපු ජනාධිපතිවරුන්ට ද එකසේ අදාළ බව ඔහු සඳහන් කළේය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *