එක්සත් ජනපදය සමඟ පැවති වෙළෙඳ සාකච්ඡාවලින් ශ්‍රී ලංකාව අපේක්ෂා කළ අරමුණු සාක්ෂාත් කර ගැනීමට හැකි වූ බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ, අද (01) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති අමෙරිකානු තීරු බද්ද 20% දක්වා පහත හෙළීම පිළිබඳව පවත්වනු ලබන මාධ්‍ය සාකච්ඡාවේදී යි.
මෙම සාකච්ඡාවල ප්‍රධාන අරමුණ වූයේ, කලාපයේ තරගකරුවන්ට සමාන තීරුබදු අනුපාතයක් ලබා ගැනීමයි.
විවිධ ක්ෂේත්රයන්හි ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ කොටස පවත්වා ගැනීම සඳහා මෙය අත්‍යවශ්‍ය කරුණක් වුණා.
සාකච්ඡාවල සාර්ථකත්වය හේතුවෙන් ඉදිරියේදී තවත් වෙළෙඳ සාකච්ඡා පැවැත්වීමට අපේක්ෂා කරන බවද ලේකම්වරයා එහිදී සඳහන් කළා.



ප්‍රතිචාරයක් ලබාදෙන්න