ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් දැනට ජිවතුන් අතර සිටින විශ්‍රාමික ජනාධිපතිවරුන් සහ ජිවතුන් අතර නොමැති විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වැන්දඹුවට හිමිවන වරප්‍රසාද මින් ඉදිරියට හිමි නොවනු ඇත.
1986 අංක 4 දරන ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත ඉවත් කිරීම පිණිස වූ පනත් කෙටුම්පත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදි පළ කර ඇත.
මෙරට දෙවන විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ රණසිංහ ප්‍රේමදාසගේ බිරිඳ වන හේමා ප්‍රේමදාස තවමත් ජිවතුන් අතර සිටින බැවින් පනත පාර්ලිමේන්තුවේදී සම්මත වුවුහොත් ඇයට පහත වරප්‍රසාද අහිමි වෙයි.
ඒ අනුව හිටපු ජනාධිපතිවරයෙකුට හෝ ජනාධිපතිවරයෙකුගේ වැන්දඹුවට සපයන ලද යම් නිවසක් හෝ ගෙවන ලද යම් මාසික දීමනාව,
හිටපු ජනාධිපතිවරයෙකුට හෝ හිටපු ජනාධිපතිවරයෙකුගේ වැන්දඹුවට ගෙවන ලද මාසික ලේකම් දීමනාව සහ නිල ප්‍රවාහන සහ වෙනත් සියලු පහසුකම්,
හිටපු ජනාධිපතිවරයෙකුගේ වැන්දඹුවට ගෙවන ලද මාසික විශ්‍රාම වැටුප,
මේ අතර දැනට ජිවතුන් අතර සිටින හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහට මෙම නව කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත වුවුහොත් ඉහත සියලු හිමිකම් අහිමි වෙයි.



ප්‍රතිචාරයක් ලබාදෙන්න