ඉන්දියාවෙන් පිටුවහල් කළ පාතාලයකු කටුනායකදී අත්අඩංගුවට.!

සහන් සිසි කැළුම් හෙවත් වැලිගම සහන් නැමැති සංවිධානාත්මක අපරාධකරු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දියාවෙන් පිටුවහල් කරන ලද මොහු ඊයේ (28) පස්වරුවේදී ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

පානදුර ප්‍රදේශයේ සහ කළුතර ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධීන් දෙකකට මෙන්ම මට්ටක්කුලියේ පත්තෑ සුරංග නැමැත්තාට වෙඩි තැබීමේ ප්‍රධාන සැකකරු වන්නේද මෙම වැලිගම සහන් නැමැත්තා බවද මොහු කුලී ඝාතකයෙකු බවත් වාර්තා වේ.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කළුතර අපරාධ කොට්ඨාසයට භාර දී තිබේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *